අගෝස්තු 23 වැනිදාට යෙදෙන මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුම නිමිත්තෙන් මහන්ත ආරච්චි පරපුරේ උරුමකරුවන් විසින් මුල්ලේරියා සටනට උර දී මිය ගිය වීර මුතුන් මිත්තන්ට පිං දී, රාජසිංහ රජුගේ යුද පොරොන්දුව සංකේතවත් කරමින් රන් ආලේපිත කඩුවක් නැවත රන් කඩු පත්තිනි දේවාලයට පූජා කෙරෙන අතර අංගං සටන් දැක්මක් ද පවත්වනු ලැබේ